No posts.


හැඳින්වීම

තොරතෝන්චියක් නැතිව පැවති විදේශිකයන්ගේ තාඩන පීඩන ආදියෙන් හීන මානවී ගොස් දැන් පවතින තත්වයට පත්වන්නට පෙර, රණකාමී හෙළයන්/සිංහලයන් විසින් පුරුදු පුහුණු කරන ලද හෙළයන්ගේ/ සිංහලයන්ගේ සටන්කලා උරුමය පිළිබඳ කෙරෙන කෙටි ගවේෂණයක් ලෙස මෙම බ්ලොගය හැඳින්විය හැක.

අංගම් කලාව

අංගම් කලාව, මෙයින් අපට සිහියට නැගෙන්නේ අංගම්පොර යන්නයි. සරලවම කියනවානම් අංගම්පොර යනු දීර්ඝ ඉතිහාසයක් ඇති හෙළ ද්වීපයට/ශ‍්‍රී ලංකාවටම ආවේණික වූ සටන් කලාවයි. මේ පිළිබඳ නූතනයේ විවිධ මත දරන්නන් දැකිය හැක. එහෙත් අංගම් කලාව, යනු කුමක්ද? මෙම කලාවේ ඉතිහාසය විමසීමේදී ලංකාවේ වර්තමානයේ විද්වතුන්ට හා මෙම ශ‍්‍රාස්ත‍්‍රයේ ප‍්‍රවීනයන්ට අනුව, අංගම්කලාව කියා හඳුන්වන්නේ ලංකාවට ආවේණික වූ තවත් ශ‍්‍රාස්ත‍්‍ර කිහිපයක් මේ සමග බද්ධ වූ බැවිනි. ඒවා නම් පහත සඳහන්වේ

අංගම්පොර (unarmed combat)

ඉලංගම්පොර (armed combat)

මායා අංගම් (black & white magic)

නැටුම් කලාව‍ හා බෙරවාදනය (dancing & drumming)

දේහධම්ම දේශිය වෛද්‍ය ක‍්‍රමය (herbal medicines)

ජ්‍යෙතිෂ්‍ය විද්‍යාව (astrology)

අංගම් පොර (Unarmed Combat)

‘‘ඇඟේ’’ යනු ශරීරය. පොර යනු ‘‘හටන’’ ය. ‘‘අංගම්පොර’’ යනුවෙන් අදහස් කරන්නේ ‘‘ශාරීරික පොර’’ ය. ඒ අනුව ආයුධ රහිතව තම ශරීරාංගයන්ගෙන් පමණක් කරනා සටන අංගම්පොර සටන නම්වේ තවදුරටත් අංගම්පොර අනු අංග තුනකට බෙදා දැක්විය හැකිය ඵනම්

1. පොරහරඹ (offensive and defensive techniques)

2. ගැටපූට්ටු (grips and locks)

3. මරුකලාව (vital point attacks)

පොරහරඹ

පොරහරඹ (offensive and defensive techniques)

මෙහිදී සටන් ශිල්පියා මූලික වශයෙන් පහරදීම්(offense) පහර වැලකීම්(defense) අඩිමාරු(foot movements) ගමන්තාල, අත්හරඹ,පාහරඹ ආදිය පුහුණු වෙනු ලබයි.

තවද අංගම් සටන්කරුවකු පොරහරඹයකදී උකුස්සා ගේ ඇසත්”, මොණරාගේ කනත්”,“වදුරාගේ පැනිල්ලත්”,“කොටියාගේ ගමන්විලාසය හා වලසාගේ බදාගැනිම යන ශිල්ප අංගයන් එකවර භාවිතා කිරීමට පුහුණු වීම අනිවාර්යෙන් සිදුවිය යුතුය.

පොරහරඹයේදී මූලික වශයෙන් යොදාගන්නා පහරදීම්(offense) හා පහර වැලකීම්(defense) ක්‍රමවේදයන් කිහිපයක් නම් වශයෙන් පහත දැක්විය හැකිය

· දික්ගුටිය

· චොල්ලේ පහර

· ටොක්කේ පහර

· ලෙන් පහර

· මිටි ගුලිය

· අත් දණ්ඩ

· වැලි විදිල්ල

· හෙල්ලේ පාර

Pora Harammba

Pora Harammba

ගැටපූට්ටු

ගැටපූට්ටු


ගැටපූට්ටු (grips and locks)

ගැටපූට්ටු වලටද අංගම් කලාව තුල සුවිශේෂ ස්ථානයක් හිමි වේ. තම ශරීරාංග උපයෝගි කොටගෙන ප‍්‍රතිවාදියාගේ පහර වලකා ප‍්‍රතිවාදියා තම ග‍්‍රහණයට හසු කර ගැනීම,අඩපන කිරීම හෝ මරණයට පත්කිරීම මෙයින් සිදුවේ. ඒ වාගේම තමාට ප‍්‍රතිවාදියා ගැටයක් දැමූ විට එයින් ගැලවී යළි ප‍්‍රතිවාදියාට ගැටයක් දැමීමට ප‍්‍රවීන අංගම් ශිල්පීන් දැන සිටියි.

මූලික වශයෙන් යොදාගන්නා ගැටපූට්ටු ක්‍රමවේදයන් කිහිපයක් නම් වශයෙන් පහත දැක්විය හැකිය

· පිඹුරු ගැටය

· මාංචුව

· කතිර ගැටය

· අලි මාට්ටුව

· මහ මාට්ටුව


මරුකලාව (vital point attacks)

ආයුධ යොදා නොගෙන සටන් කිරීමේදි සුවිශේෂි අංගයක් වන්නේ නිල ඇල්ලීමයි. අංගම් සටනකදී මරු කලාව ඉතාම වැදගත්ය. මරු කලාව ගුරුන්නාන්සේ විසින් සෑම සිසුවෙකුටම නූගන්වයි . තමාගෙන් පරතෙරටම සටන් කලාව හදාරනු ලබන විශ්වාසවන්ත ශිෂ්‍යයා/ශිෂ්‍යයන් හට පමණක් රාවණ දෙවියන්ට පුද පූජා හා දිවුරුම්දීම් හතකින් පසු මරු කලාව උගන්වනු ලබයි.

අංගම් ශිල්පයේදි මරුකලාව නියමාකාරයෙන් භාවිතා කිරීමසඳහා ජ්‍යෙතිෂ්‍ය විද්‍යාව පිලිබඳ දැනුම අත්‍යවශය. මරුකලාවේ ප‍්‍රධාන නිල 107 ක් පිළිබඳවද කියැවෙන අතර මාරාන්තික නිල 12 ක් පිළිබඳ කියවේ.

අංගම් සටන්ක්‍රමය තුල නිළවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර

· නිළ අල්ලා පහරදීම.

· එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර

· නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම

· නිළ බලා ලේ වමණ යන්න පහරදීම.

· ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.

· සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.

· සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.

· මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.

ආදී වශයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේම පමණක් දැකිය හැකි ඉතා වැදගත් ලක්ෂණයකි.

මෙම ශාස්ත‍්‍රයේදී නිල වලට පහරදීමත් සමගම නිල වෙදකම ද සඳහන් වේ.

සටන් පුහුණු වීමේදී බොහොම ආරක්ෂා කාරි ලෙස පුරුදුවීමට ගුරුවරු ඇතුළු ගෝල බාලයින් වගබලා ගනී. එහෙත් යම් ආකාරයකන් අනතුරකට ලක් වුවහොත් ගුරුවරු නිල වෙදකම උපයෝගි කර ගනී. මෙම ශාස්ත‍්‍රයෙහි පරතෙරටම ගිය ශිල්පින් හට රෝග බොහොමයක් උදා-: කැස්ස, හිස අමාරු, බඬේ අමාරු වැනි දැ නිල තෙරපිම මගින් සුවකිරිමට හැකියාවක් පවති. ඒ වගේම දේශිය වෛද්‍ය ක‍්‍රමයේ එන තෙල් බෙහෙත් ගුලි ද ලෙඩ රෝග සුව කිරීමට මේ ශාස්ත‍්‍රය තුල යොදා ගනි.

අංගම් ශිල්පය හා කායශක්තිය

අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් ,ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . ශාරීරිකව හා මානසිකව මනාව පුරුදුපුහුණු වූ අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . පුරාණයේ ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවුනි ඒවානම්

ඇත් දළක් මුල සිදුරු සතරක් කරවා සතර පැත්තට නෙරා සිටින සේ ලී කෑලි දෙකක් සවිකර, දළේ අග්ගිස්ස පමණක් පෙනෙන සේ බිම වළලති. ඇතෙකු ලවා ඒ වඩා පාගවා තද කොට මතු වී ඇති දළ තුඩෙහි තෙල් ගල්වා එය එක් අතකින් පමණක් අල්වා දළය උඩටගන්නා ලෙස තර`ගකරුවනට අණ කරන ලදී. මෙසේ කළ එක් වතාවකදී ජයග‍්‍රාහකයා වූයේ ලෙව්කේ දිසාවේ විය.


· පස් මිටක් ගෙන එයින් දිය මතුවන සේ මිරිකාලූයේය.

· වියලි පොල් ගෙඩියක් ගෙන ඇ`ගිලි අතරින් කිරි පනින තුරු මිට මොළවා පොඩි කළේය. -කුන්ද පොරකාරයා මෙය කල බව කියැවේ


· හක්ගෙඩියක් මිටින් ගසා සුණු විසුණු කර දැමීම - කප්පාගොඩරාළ

· විශාල ගල් ඈතට විසි කළේය - කප්පාගොඩරාළ

· ගස් දෙකක් ඇඳා එකට බැඳ නැවත මුලින් උදුරා දැමීය - බෝගමුවේ රාළ

· හිසෙන් පොල් පැලීම.

· පුවක් ගෙඩිය ඇ`ගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම.

· මිනිසුන් විශාල පිරිසක් සමග සටන් කිරීම

· ඇස් අතපය බැඳගෙන සටන් කිරීම.

· පොලු අට කැඩීම

· කුළු හරක් මෙල්ල කිරීම

· පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම

ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලැබූ අභ්‍යාසවේ.


ඌරා ළිදේ අංගම් කෙටීම

ඌරා වලේ අංගම් කෙටීම යනු අංගම් ශිල්පියෙකුගේ කූඨප‍්‍රාප්තියයි. අතීතයේ රජුන්ගේ අනු දැනුම මත පැවති මෙම සටන් බොහෝ විට අවසානයේ එක් අයෙකු මරණයට පත් කරමින් හෝ දෙදෙනාටම දැඩි ලෙස තුවාල ලබමිනි. රජුගේ හුදු ආශ්වාදය හා පී‍්‍රතිය පිණිස, නිලයන් උසස් වීම් පහත් වුත් අතර පවත්වන ලදී.

අංගම් සරඹ ශාලාවේ කවර ශිෂ්‍යයකු හෝ තමා අනිත් සගයනට වඩා සමත් යැයි සිතයි නම්, තම මන පිළිගන්නා මෙන් සිය ගුරුවරයාගෙන් හා මුහන්දිරම් ගේ ඉල්ලා සිටිනු ඇත. මෙවැනි තවත් ඉල්ලූමක් ඇති වූ පසු ඒ දෙදෙනා පොර වැටීමේ යොදනු ලැබේ.

රියන් 30ක් දික්වූද රියන් 7 ගැඹුරුවුද ඌරාලිද නමින් හැඳින්වෙන එම වළ ඇතුලට දෙදෙන පිවිසෙන තෙක් උනුනොවුන් කවුදැයි සටන්කරුවන් නොදනිති.අතීතයේ දෙදෙනාගෙන් එන් අයෙකු මරණයට පත් වන තුරුම සටන පැවැත්වුවද පසු කාලයක සටන සිංහල පැයක් හෙවත් පෑතැටියෙන් ගණන් ගන්නා විනාඩි 24කට සීමා කරන ලදී.

මෙම සටන් වලදි කඩු මුගුරු යොදාගත් අතර සටනින් ජයගන්නාට හෝ දෙදෙනාටම රජුගෙන් තෑගි සහ ඉහල තනාන්තර පිරිනමන ලදී. (පණික්කිරාල,මුහණ්දිරම්,ගජනායක තනතුරු)

ඌරා වලේ සටනේදි සටනට පෙර සටන්කරුවන් දෙදෙනාම රාජභෝජන ආදී රාජ්‍ය ගෞරව ලැබෙන අතර, යම් ආකාරයකින් සටන අවසානයේ යම් අයෙක් මියගියහොත් සිරුර සමගම එම වල වසා දමා එම ස්ථානය යළිත් කිසිදු වැඩකට නොගත් බවට මතයක් තිබේ.

ආයුධ

ආයුධ

මුගුරු

මුගුරු

IL2

IL2

IL1

ඉලංගම්පොර (armed combat)

ඉලංගම්පොර අංගම්කලාවට අයත් තවත් එක් අංගයකි.

ආයුධ සහිතව කරනු ලබන සටන් ඉලංගම් පොර ලෙස හඳුන්වයි.

අංගම් කලාව තුල ආයුධ 64ක් දැකිය හැක. මේවා සූසැට ආයුධ ලෙසින් හඳුන්වයි. ඒවා අතුරින් ප‍්‍රධාන ආයුධ වර්ග 5 ක් සඳහන් වේ. ඒවා නම්,

1. වක් ආයුධ

2. වක‍්‍ර ආයුධ

3. දික් ආයුධ

4. මොට්ට ආයුධ

5. කුංච ආයුධ ලෙස දැක්විය හැක.

මෙම වර්ග 5 අයත් ආයුධ වර්ග කිහිපයක් නම්වශයෙන් පහත දැක්වේ

කෙටි කඩුව

බර මුගුර

මන්නය

වේලායුධය

දිග කඩුව

කෙටි මුගුර

මෝල්ගස

දුන්න හා ඊතල

පාරා වළල්ල

යගදාව

හෙල්ලය

තෝමරය

සිරිය

කලාකිරිඤ්ඤය

පලිහ

කිණිස්ස

මඩුවලිගය

අංකිරිච්චිය

මුගුර

කෙටේරිය

කඩු

කඩු

sw

කඩු ශිල්පය

කඩු ශිල්පය එදා ලක තුළ විශාලවශයෙන් ව්‍යාප්තව පැවති නිසා කඩුවට සටන් වලදී ප‍්‍රධාන තැනක් හිමි විය. විවිධ නම්වලින් යුත් නානාවිධ කඩු විශාල සංඛ්‍යාවක් තිබුණ සඳහන්වේ.

කඩු සටන් ක‍්‍රම ඉලංගම් සටන් වලදී 110 ක් පමණද වැඩ වර්ග ලෙස බෙදා දැක්වීමේදී කඩු වර්ග 28 පමණ ද දැකිය හැක. මෙහි දී තනි කඩුව, කඩු දෙක,හා කඩු හතරේ හරඹය සුවිශේෂ වේ. මනා නිපුණත්වයක් සහිත කඩු සටන්කරුවෙක් හට එකවර විශාල ප‍්‍රමාණයක් හා තනිව සටන් කිරීමේ හැකියාව පවතී. කඩු හා පොලූ සටන් වලදී හිටි පිනුම්,බඩ පිනුම් හා පසු පසට ගසන පිනුම් සේම කරණම් ද භාවිත වේ.

ජනප‍්‍රවාදයට අනුව රජ සමයේ සිටි ශූර අංගම් කරුවන් සතුරාගේ හිසට ඉහළින් කරණම් ගසමින් සතුරා මරා දමා ඇත.

වේලායුධ හරඹය

වේලායුධ හරඹය

wl

වේලායුධය

ඉලංගම් සටන් වලදී භාවිතා කරන අති සුවිශේෂී ආයුධයක් ලෙස ‘‘වේලායුධය’’ එතුන කඩුව හැඳින් විය හැක. මෙය සමූහ ඝාතක අවියක් ලෙස යොදා ගනී. වේලායුධය, මෙයට මෙම නම යොදා ඇත්තේ එය ඇnග වටා වෙළෙන බැවිනි. මෙම ආයුධය සකස් වී ඇත්තේ අnගලක් පමණ මහත අඩි හයක් පමණ දිගින් යුතු මුවහත් වානේ පටි වලිනි.

වේලායුධයේත්, තනි පටිය, පටි තුන, පටි හය ලෙස ප‍්‍රභේද පවතී. දෑතට වේලායුධ දෙකක් ගෙන කරකවන විට එය පොළොවේ නොවදින අතර සතුරාමට කිසිසේත් ළnගට පැමිණිමට නොහැකි වේ. වේලායුධය හැසිරවිය යුත්තේ ඉතා පරිස්සමිනි. එය නිවැරදිව හැසිරවීමට නොහැකි වුවහොත් තමාටම තුවාල සිදු වීමට පුථවන.

wp

wp

කලා කිරිඤ්ඤයද වැදගත් ආයුධයකි. කලාකිරිඤ්ඤ එක සහ කලාකිරිඤ්ඤ දෙකේ සටන් හරඹ ද පවතී. කලාකිරිඤ්ඤය සාම්ප‍්‍රදායිකව සාදනු ලබන්නේ මී හරක් අnගක් යොදා ගනිමිනි. කලාකිරිඤ්ඤයෙන් සතුරෙකුට ගැසූ විට බොහෝ විට අස්ථි බිඳුම් වලට ලක්වන අතර පිටතින් ඇතිවන තැලීම් සුව වුවද මී හරක් අnග ඇති විෂ නිසා ඇතුළතින් පහර දෙනු ලැබූ ස්ථානය වණ වන බව කියවේ.

කිණිස්ස, අංකිරිච්චිය, හා කෙටේරිය යන ආයුධ සඳහා ද ඉලංගම් සටන් ක‍්‍රම රාශියක් පවතී. මෙම ආයුධ වලින් සතුරා පහර දෙනු ලබන විට එය වළක්වා ප‍්‍රති ප‍්‍රහාර දෙන ආකාර රාශියක් ද අංගම් සටන් කරුවන් විසින් ප‍්‍රගුණ කර ඇත. කෙටේරියෙන් පහර දීමේදී ඇති විශේෂත්වය නම් කෙටේරි පහරක් ඇnගට ඇතුථ වූ පසු එය නැවත ගලවා දැමීමේදී ශරීරයෙන් විශාල කොටසකට හානි සිදු වීමයි.

ඉලංගම් සටන් අතර මෝල්ගස දෙකෙන් කරනු ලබන හරඹ, රියනෙ මුගුරු දෙකකින් කරනු ලබන හරඹ හා රියනෙ පොලූ කෑලි දෙකකින් ද කරනු ලබන හරඹ විශාල ප‍්‍රමාණයක් ඇත.