To view this blogspot properly please download “iskolapotha Unicode” and “Vista QuickFix Sinhala” for Windows Vista users and “XP Sinhala Pack” for Windows XP users from following links
http://www.spot.lk/fonts.html (iskolapotha Unicode)
http://www.siyabas.lk/files/VistaQuickFix.exe (Vista QuickFix Sinhala)
http://locallanguages.lk/files/SinhalaTamilKit_XP_SP3.exe (XP SINHALA PACK)
Thank You.
අංගම්පොර යනු : මහාචාර්ය ශිරාන් දැරැණියගල ගේ “සිංහලයේ ත්‍රාසජනක ක්‍රීඩා” ග්රන්ථයට අනුව “අංග”(body) යනු ශරීරය හා “පොර”(combat) යනුවෙන් සටන අර්ථ ගැන්වෙ, ඵ් අනුව අංගම්පොර යනු ශරීරාංග උපයෝගී කොට ගෙන සිදුකරනා සටන (unarmed combat) යනුවෙන් හැඳින්විය හැකිය. අංගම්සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය ඵනම් අංගම්පොර හා ඉළංගම්පොර වශයෙනි “ඉළංගම්පොර” යනු විවිධාකාරයේ ආයුධ සහිතව සිදුකරනා සටන (armed combat) යනුවෙන් අර්ථ දැක්වේ.
තවදුරටත් අංගම්පොර අනු අංග තුනකට බෙදා දැක්විය හැකිය ඵනම් “අඩි” “කැපිළි” සහ “පුඩි” වශයෙනි. “අඩි” (strikes) යනු අත හෝ පය උපයෝගී කොටගෙන පහර ඵල්ල කිරීමත් “කැපිළි” (blocks) යනුවෙන් ඵම ඵල්ල කරනා පහර වැලැක්වීමත් “පුඩි” (locks) යනුවෙන් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්‍රහනයට ගැනීම හෝ අඩපන කිරීම දැක්විය හැකිය
අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් සියල්ලම ඉගෙනගතයුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවිතකාලය මදිබව පැරණි අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. හෙළ සටන්ක්‍රමය තුල නිළවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර
· නිළ අල්ලා පහරදීම.
· එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර
· නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
· නිළ බලා ලේ වමණ යන්න පහරදීම.
· ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
· සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
· සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.
· මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.
ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේම පමණක් දැකිය හැකි ඉතා වැදගත් ලක්ෂණයකි.
අංගම් සටන්කරුවකු සටනකදී “උකුස්සා ගේ ඇසත්”, “මොණරාගේ කනත්”,“වදුරාගේ පැනිල්ලත්”,“කොටියාගේ ගමන්විලාසය” හා “වලසාගේ බදාගැනිම” යන ශිල්ප අංගයන් එකවර භාවිතා කිරීමට පුහුණු වීම අනිවාර්යෙන් සිදුවිය යුතුය.
අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . පුරාණයේ ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවුනි ඒවානම්
හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම ; ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම ; කුළු හරක් මෙල්ල කිරීම ; විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම ; පොල් ගසට පයින් ගසා පොල් කැඩීම ; පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම ; මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම ;ඇස්, අතපය බැදගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලැබූ අභ්‍යාසවේ.
අංගම්සටන් කලාවේ ඉතිහාසය
· ඉපැරණි ජනප්‍රවාදයන්ට හා අංගම්සටන් ගුරුකුළයන් ගෙන් පැවතඵන පරම්පරාවන් සතු තවමත් සුරැකිව ඇති පුස්කොල ග්‍රන්ථයන්ට අනුව අංගම්සටන් කලාවේ හා ඵ් හා බැඳුනු දේශීය වෛද්‍ය විද්‍යාව (ආයූර්වේදය නොව,ආයූර්වේදය යනු ඉන්දියාවෙන් පැවත ඵන වෛද්‍ය විද්‍යාව වේ) සහ තවත් දේශීය විද්‍යාවන් අටක නිර්මාතෘ පුලස්ථි සෘෂිවරයා බවය (රාවණ රජුගේ මුත්තනුවන්)
· එමෙන්ම අංගම්සටන් කලාවේ දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි . එය ඉන්දියාව , චීනය , ජපානය , ආදී සෑම පෙරදිග අධිරාජ්‍යකටම පොදුවූවකි.සිංහලයාටද එය පොදුවුවකි.
· ඵය පිලිගත හැකි සාධකය වනාහී සක්විති රාවණයි,රාවණ යනු භාරත යේද තම අණසක පැතිරවූ රජ කෙනෙකි රාවණ රජුට ඵතරම් විශාල අධිරජ්‍යයක් පවත්වාගෙන යාමට නම් අතිදක්ෂ යුධ හමුදාවක් සහ අති ප්‍රබල සටන් කලාවක් අවශ්‍යය බව අවිවාදිතය, ඵසේනම් ඵ් අතිප්‍රබල සටන් ශාස්ත්‍රය අංගම් විය නොහැකිද?
· ඵසේම උත්තර රාමායනයට භා පැරණි ඉන්දීය ජනප්‍රවාදයන්ට අනුව රාම ගේ බාල සොයුරු ලකෂ්‍යමණ සටන්කලාව හදාරා ඇත්තේ රාවණ රජු යටතේය (රාම රාවණ යුද්ධයට පෙර) රාවණ රජු අංගලක්ෂණ විද්‍යාවට අනුව ලකෂ්‍යමණ අසත්පුරුෂයෙක් බව දැනගෙනත් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ශිල්ප දුන්නේලු.
· තවමත් අංගම් ගුරුකුලයන් ගෙන් පැවතෙන ගුරුවරුන් කිහිප දෙනෙකු ලග පමණක් සුරුකිව ඇති රාවණ සෙල්ලම් යන අතිප්‍රබලවූත් භයානකවූත් ශරීරයේ මර්මස්ථානයන්ට පහර ඵල්ලකරනා සටන් හරඹයන් අංගම්කලාවට රාවණ රජුගේ ඇතිසබඳතාවයට සාකෂිදරයි.
· ඉන්දියාවෙන් පැමිණි බෝධි ධර්ම නම් බෞද්ධ භික්ෂුව විසින් කුංෆූ සටන්කලාව බිහි කරන ලදැයි ෂැවොලින් (Shoaling) ආරාම ඉතිහාසයේදැක්වේ, නමුත් අපගේ පැරණි ජනප්‍රවාදයකට අනුව (ලිඛිත සාක්ෂිද ඇත) සටනෙහි අතිදක්ෂ බෝධි ධර්මම නම් රජ කුමරෙක් බෞද්ධ සිද්ධස්ථානයන් වන්දනාව සඳහා භාරතයට ගොස් ඵ් කෙරෙහි සිත පැහැදී පැවිදිවී තවතවත් සිද්ධස්ථාන වන්දනා කරනුවස් උතුරු දෙසට පාගමනින් වඩිමින් පැරණි චීනයට සැපත් වුනේලූ.
· මේ ආකාරයට විකාසනය වන අංගම් සටන් ශිල්පය දුටුගැමුණු රජුගේ කාලයට එන විට අතිශයින් දියුණු වෙනවා. දුටුගැමුණු රජතුමාගේ සේනාවේ හිටිය දස මහා යෝධයින් මේ අංගම් ශාස්ත‍්‍රයේ අති දක්‍ෂයින්. එළාර රජතුමාට හිටියේ විසි මහා යෝධයින්.
ඔවුනුත් අති දක්‍ෂ සටන් කරුවන්. ඒත් අපේ දසමහා යෝධයින් ඔවුන් පරාජය කළේ මේ සටන් ශාස්ත‍්‍රයේ තිබුණු හැකියාව නිසා.
· පාහියන් නම් චීන භික්ෂුව ගේ දේශාඨන වාර්ථාවන්ට අනුව එතුමා නැවත චීනයට යනවිට එතුමා ලංකාවෙන් ශරීරයේ මර්මස්ථාන උපයෝගී කොටගෙන ලෙඩ සුවකරනා ශාස්ත්‍රයක් හා සතුරන් මෙල්ලකරනා ශාස්ත්‍රයක් රැගෙන ගියබව සඳහන්ය.
· මීට අමතරව මහාවංශය දීපවංශය හා චූලවංශය යන ඉතිහාස ග්‍රන්ථයන් වලද ලංදේසි, පෘතුගීසි හා ඉංග්‍රීසීන් ගේ වාර්ථාවන්ගේද පුරාණයේ පැවති සටන් පුහුණු මධ්‍යස්ථානයන් හා පුරාණයේ විසූ සටන් කරුවන් ගැන සඳහන්වේ.
· මහාවංශයේ සදහන් ආකාරයට අංගම්පොර කලාව 6 වැනි සියවස තරම් ඈත අතීතයට දිව යයි පැරණි සිංහල රාජ්‍ය යුගයේ "යෝධයා" යනුවෙන් හැදින්වූ රණශූර වීරවරයන් මෙම අංගම් කලවේ කෙළ පැමිණියන් ලෙස හැදින්වේ. පසුව මෙම රණශූරයන් "පනික්කිරාළ" ලෙස හැදින්විය. මෙම නාමය අග්‍රඝන්‍යය වික්‍රමාන්විත රණශූරයෙකු හැදින්වීමට භාවිතා කරයි. එම නාමය අංගම්පොර සටන් කලාවෙහි ලදහැකි උසස්ම තනතුර වෙයි.
· “....සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්‍රදර්ශනය කරනලද්දේ ඉන්ග්‍රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය. කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බිහිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ධ යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ. පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය.
දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය. සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැනින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට “ඉංග්‍රීසි කරුව රැකවල් ගනුව” යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්‍රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි . ..........”
(සිංහල ත්‍රාසජනක ක්‍රීඩා: දැරණියගල)
· අංගම් සටන් ශිල්පයේ අති දක්‍ෂ රණශූරයන් කිහිප දෙනෙක්ම ගැන අපේ ඉතිහාසයේ ලියැවී තිබෙනවා. “විදීය බණ්ඩාර, 7 වැනි විජයබාහු, රයිගම් බණ්ඩාර, ටිකිරි බණ්ඩාර, කොනප්පු බණ්ඩාර, ලෙව්කේ දිසාව” ඒ අතරින් කිහිප දෙනෙක්.
· පැරණි සිංහලයන්ගේ කඩු ශිල්පීය දැනුම ගැන විශ්මිත වූත් අපූර්වවූත් විස්තර රැසක් අපට ඉතිහාස ග‍්‍රන්ථ පිරික්සීමේ දී දක්නට ලැබේ. ඒවායින් කිහිපයක් මෙසේය.
අන්තිම රජුන් සමයේ කඩුශිල්පය ගැන මහත් කීර්තියක් ලබාසිටි ලෙවුකේ දිසාව වරක් රජු ඉදිරියේ අපූර්ව හරඹයන් දැක්වීය. හේ තම කඩුව අග හුණු කැටියක් තවරා පිටිය මැද සිට අහසට පැන ඒක පිම්මෙන් ම පිටිය වටාගොස් ආපසු පිටිය මැදට ම පය තබන විට එම හරඹය බැලීමට වටවී සිටි අයගේ ගෙලෙහි හා නිකෙටහි හුණු පැල්ලම් සටහන් වී තිබූ බව කියවේ.
දෙවනි රාජසිංහ රජුන් වරක් වෙස්වලාන කොළඹ පරංගි කොටුවට ඇතුළුව නාඹර තල්ගසක් නොවැටී සිටුවනම පෙතිගසා ආ බව ද පසුදින උදේ මෙය දුටු පරංගිහු නිසැකවම මෙය සිංහල සෙබලකුගේ වැඩක් යැයි කතා වූ බව ද කියවෙන තවත් පුවතකි.
ගල ගොඩ දිසාවද මෙකල සිටි කඩුහරඹ ශිල්පියෙකි. ඔහුට සඳුන් කල්ක සිය ඇඟ හැම තැනම තවරා නොනවත්වා කඩුව භ‍්‍රමණය කිරීමෙන් ඇඟ තැවරූ කල්ක සියල්ලම ඉවත් කල හැකි බව කියවෙන පුවතක් ද වෙයි.
ඉහත දැක් වූ පුවත් සියල්ල සිංහලයන් සිංහලයන් ගැන කී කතා බැවින් මේවා හුදෙක් සම්ප‍්‍රප්පලාපයන් පමණක් යැයි කෙනෙක් තර්ක කළ හැක. එබැවින් ඕලන්දයන් යටතේ සේවය කල ඇන්ඩිරියස් නම් අයෙකු සිංහල සෙබළුන් ගැන ලිවූ සටහනක් අවසන් වශයෙන් ගෙන හැරපාමි.
“...ඔවුන් ඉක්මනින් වෙහෙස නොවනසුළු කඩිසරවූත් කි‍්‍රයාශීලි වූත් නිර්භය වූත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන් ම ප‍්‍රති්‍යක්ෂ කරගත්තකි. ඔවුහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන කි‍්‍රයා නැරඹීමට පවා විශ්මය ජනකය. ඔවුහු රණබිමේ දී සෙබලුන් දෙතුන් දෙනෙකුගේ හිස්වලටත් පැන කලින් අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියාවෙත සැනින් රැගෙන යති....”
ඉතින් සතුරු විජාතිකයෙකු අතින් ලියවුනු මේ සටහනම අපට එදා සිංහලයා සතු වූ කඩු ශිල්පීය දැනුමේ විශිෂ්ටත්වය සනාථ නොකරන්නේ ද?
· 2007 වසරේ ලාංකීය කලාවන් සඳහා දකුණු ඉන්දියානු කලාවන් ගේ ඇති සබඳතාවය පිලිබඳ පරීක්ෂනයක් පැවැත්වීමට දකුණු ඉන්දියාව බලා ගිය අප විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසකට දකුණු ඉන්දියානු ප්‍රවීනතම වයෝවෘද්ධ කළරිපයට්ටු ආචාර්යවරයෙකු මුනගැසී “කළරිපයට්ටු” (kalaripayattu) සටන්කලාවේ ආරම්භය ශ්‍රි ලංකාවේ අංගම්කලාව බවත් ඵ් බව සඳහන් පැරණි තල්පත් තමන් සන්තකවඇතිබවත් පවසාඇත.
අංගම්කලාවේ ප්‍රසිද්ධ ගුරුකුලයන් වන්නේ සුදලියේ හා මරුවල්ළියේ යන ගුරුකුලයන් දෙකය සුදලියේ හා මරුවල්ළියේ ගුරුකුලයන් දෙකෙහි උපත අනුරාධපුර රාජධානී සමයේ සිදුවූ බවට පුරාණ ජනකථාවක දැක්වේ ඵ් අනුව මරුවල්ළියේ සටන් පරපුර දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනේක්වන ගෝඨයිම්බර ගෙන් පැවැතෙන බවත් සුදලියේ සටන් පරපුර ගෝඨයිම්බර ගේ ප්‍රතිවාඳදියාවූ රිටිගල ජයසේනගෙන් පැවැතෙන බවත් එම ජනප්‍රවාදයේ දැක්වේ
නමුත් අනුරාධපුරයේ සිට අවසාන රාජධානියවූ සෙංකඩගල දක්වා රාජධානීන් සංක්‍රමණයේදී විවිධ රාජධානී සමයන්හි විවිධ ගුරුකුලයන්ට අයත් සටන් පුහුණු පාසැල් තිබුනු බව සඳහන්ය උදාහරණ කෝට්ටේ රාජධානී සමයේ පැවති කෝට්ටේ සටන් පරපුර දැක්විය හැකිය
නිතරම රජු ඉදිරියේ තම ගුරුකුලය දක්ෂබව දැක්වීමට සෑම ගුරුකුලයම උත්සහා ගත්හ ඵම නිසා නිතරම ඔවුන් අතර තියුණු තරගක් පැවතුනි මේතරගයේ උච්චම අවස්ථාවේදී ඌරා ලිඳේ අංගම්කෙටීම නම් තරගයෙන් වඩාම
දක්ෂ ගුරුකුලය තෝරාගනු ලබයි ඵහිදී ප්‍රධාන ගුරුකුලයන් සටන්කරුවකු බැගින් ඉදිරිපත් කරයි ඔවුන් රජු ඉදිරියේ ලිඳක්තුල කරනා සටනකින් දක්ෂ සටන්කරු තෝරාගනු ලබයි එහිදී බොහෝවිට ප්‍රතිවාදියා මරණය වැලැඳ ගනු ලබයි කලාතුරකින් සටන්කරුවන් දෙදෙනාම ජීවතුන්අතර සිටියදී තරගය නිමාවේ
මේඅතර විදේශීය සටන්කරුවන් සමගද රජු ඉදිරියයේ සටන් පැවැත්වූ බවත් ජයග්‍රාහකයන්ට නම්බුනාම සහ ගම්වර තෑගි දුන්බව සඳහන්ය උදාහරණ මරුවල්ළියේ ඵ්ඳඬුවාවේ දිසාපතිනිය
ඉංග්‍රීසීන් විසින් ඔවුන්ට තර්ජනයක්ව පැවති මේමහා සටන්කලාව දැඩිලෙස මර්ධනයට පියවරගැනුනි ඒ අනුව අංගම්කලාව පුහුණු කරනා මධ්‍යස්ථානයන් විනාශකිරීමටත් සටන්කලාව හදාරණ හා උගන්වන පුද්ගලයන්ගේ දණහිසේන් පහළට වේඩිතැබීමටත් ඉංග්‍රීසි ආණ්ඩුව පියවර ගන්නාලදී මේ අතර ඉංග්‍රීසින් විසින් තුවක්කුවේ බලයෙන් අංගම්සටන් කරුවන් මර්ධනය කරන අවධියේ සමහර සටන් පරම්පරාවන් ආරකෂාව පතා තම පෙළපත් නාමයන් වෙනස්කළ බව සඳහන්ය
ඒඅනුව අංගම්කලාව ගුරුකුලයන්ට අයත් පරම්පරාවන් පමණක් රහසේ පුහුණුවීම් කරමින් වර්ථමානය දක්වා රැකගෙනආහ එමෙන්ම ආරකෂාවපතා සමහර සටන්හරඹයන් නැටුම්බවට පරිවර්ථනය කෙරුණි උදාහරණ කොටිනැටුම (යටත්විජිත සමයේ මේ ඉරණම බ්‍රසීලයේ ගෝත්‍රිකයන් අතර පැවති සටන්කලාවන්ටද අත් වුනි පසුව ඔවුන් එය නැටුම්බවට පරිවර්ථනය කිරීමෙන් අද පවතින “කැපුවේරා” (capoeira) සටන්කලාව බිහිවු බව සැලකේ)
අංගම්කලාවට අමතරව තවත් සටන්කලාවන් කීපයක් යටත්විජිත සමයේ පැවති බව සඳහන්වේ
· චීනඩි (“කුපාඩි සෙල්ලම”)
· මලයඩි (“සෛලා”)
· ජවුසන් නැටුම්
· සීලම්බාඩි
· ඉන්දියන් සෙල්ලම් (කළරි)
මෙයින් චීනඩි සටන්කලාව චීනයේන් පැමිණි බව සමහරුන් පැවසුවත් චීනඩි සඳහා අංගම්කලාවේ ශිල්පක්‍රමද මිශ්‍රවීමක් දක්නටඇත බොහෝ චීනඩි ගුරුවරුන් පවසන්නේ මෙය ඉන්දියානු මලයාළම් සටන්කලාවක් බවය මලයාළී භාෂාවට අනුව “චී” යනුවෙන් ශරීරයේ මර්මස්ථානයන්ද (නිල) “අඩි” යනුවෙන් පහරදීමද සඳහන්වේ ඒ අනුව චීනඩි යනු ශරීරයේ මර්මස්ථානයන් කරනා පහරදීම ලෙස අර්ථදැක්විය හැකිය මෙය ඇත්තෙන්ම භයානක සටන්ශාස්ත්‍රයකි
අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල හා රොබට් ගුණවර්ධන චීනඩි ශාස්ත්‍රයේ දකෂයන් ලෙස දැක්වේ
මලයඩි (සෛලා) සටන්කලාව දෙවන ලෝක යුධ සමයේදී මෙරටට පැමිණි මැලේසියානු ජාතිකයින් පුරුදු පුහුණු කරනා ලද සටන් කලාවකි අදටද මැලේසියානු මැලේ ජාතිකයින් අතර පවතින මෙය හඳුන්වනු ලබන්නේ SILAT නමිනි. මෙම සටන් කලාවේ මැලේ කිණිස්ස නම් විශේශිත වූ ආයුධයක් භාවිතාවේ.
සීලම්බාඩි ඉන්දියාවේන් පැවතෙන වතුකරයේ දෙමළ ජනතාව අතර පවතින ප්‍රධාන වශයෙන් වේවැල් මුගුරු වලින් කරනා සටන් ක්‍රමයකි
ඉන්දියන් සෙල්ලම් (කළරි) කොච්චි යනුවෙන් හඳුන්වන ලංකාවේ වෙසෙනා මලයාළි ජනයා අතර පවතින සටන් ක්‍රමයකි
අංගම්කලාවේ වර්ථමානය පිලිබඳ සතුටුවීමට හැකියාවක් නොමැත දැන්දැන් බොහෝ පුද්ගලයන් ලාභ ප්‍රයෝජන හා ඉක්මන් ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන්
“අබා” චිත්‍රපට අධ්‍යක්ෂක ජැක්සන් ඇන්තනි මහතා ඉතාමත් විචාරශිලී අයෙකි
අබා චිත්‍රපට මුහුරත් උළලේ මහතා ඒ ගැන මෙසේ සඳහන් කරණලදී කරුණාපාල ගුරුතුමා ගෙන් අමිශ්‍ර ශුද්ධවූ අංගම්කලාව දුටුබවත් අන්සෑම අංගම්සටන් පුහුණු මධ්‍යස්ථානයකම අඩුවැඩි වශයෙන් කරාටේ කුංෆූ මිශ්‍ර වූ අංගම්කලාවක් තමන් අධ්‍යනය කලබවය.
කඩුවෙල දැන් බොහෝම ප්‍රසිද්ධ අංගම්ගුරුවරයෙකු මා මිට අවුරුදු කීපයකට කලින් මුණගැසුණෙමි එවෙලේ ඔහු දුන් ඔහුගේ විසිටින් කාඩ්පතට අනුව ඔහු කරාටේ හා ජූඩෝ ගුරුවරයෙකි. හිටි අඩියේ ඔහු අංගම්සටන් පුහුණු පංති ආරම්භ කරනලදී, එමෙන්ම ඔහු ගේ වයස අනුවද ඔහුට අංගම් වැනි පුලුල්ව පැතිරුන සටන්කලාවක ගුරුවරයෙකු විය නොහැක, මා දන්නා ආකාරයට රටම පිලිගත් අංගම් ගුරුවරයෙකු වූ කරුණාපාල ගුරුතුමා අවුරුදු හතලිස්පහකට අධික කාලයක් ගුරුවරු හැත්තෑවකට අධික ප්‍රමානයකගෙන් අංගම්කලාව හදාරා ඇත එමෙන්ම තවමත් තම වැඩිමහලු ගුරුවරුන්ගෙන් සමහර සටන් හරඹයන් හදාරනු ලබයි එවන් ගුරුවරුන් අතර අවුරුදු විසිහතරක තරුණයෙක් තමන් අංගම් ගුරුවරයෙකැයි හඳුන්වා ගැනීම විහිලු සහගතය. එමෙන්ම තමන් ගෙන් අංගම් යනුවෙන් ශිල්ප ලබාගන්නා අංගම්කලාවට ආදරයකරනා සිසුන්ට කරනා බලවත් අසාධාරණයකි.
ගිනිඅළුගේ කරුණාපාල ගුරුතුමා ගැන
මෙම ශිල්පය ඇති බොහෝ අය එය තම පවුලෙන් පිට අයට ඉගැන්වීමට මැලිවෙති.මෙය කණගාටුදායක තත්වයකි. නමුත් අපගේ ආචාර්ය කරුණාපාල මහතා එම ප්රාථමික ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරවී නැවතත් සිංහලය සහ බුදු දහම රැක ගැනීම උදෙසා අංගම් සටන් කළාව සිංහලයන් වෙත ලබාදීමට උත්සාහ දැරීම නිසා සමස්ථ රටවාසින්ම එතුමාට ස්තූතිවන්ත විය යුතුය.
ගිනිඅළුගේ කරුණාපාල ගුරුතුමා. වයස අවුරුදු 72 ක් වුවත් තරුණයක සතු ජවය ශක්තිය සමඟ පරම්පරානුගතව එන අංගම් පොර සටන් ශිල්පය පණ මෙන්රකිනා ශිල්පියෙකි මේ “සිළුමින පත්‍රය” සමග 2008 වසරේ කරනා ලද සම්මුක සාකච්ඡාවකි.
ජී. කරුණාපාල සටන් ශිල්පියා ගුරුතුමා අංගම් පොර සටන් කලාව පාරම්පරිකව උරුමකරගත් අයෙක්.
“මගේ ගම නාවල කොස්වත්ත ප්‍රදේශය. අපේ පරම්පරාවම අංගම් පොර ශිල්පය ප්‍රගුණ කළ අය. මගේ සීයා. ජී. අගෝනිස්. පියා ජී. කොරනේලිස්. මට අවුරුදු 6 දී පමණ තමයි තාත්තා මට ශිල්පය පුහුණු කරන්න පටන් ගත්තෙ. මුලින්ම පහන පත්තු කරල අවසර අරගෙන ඊළඟට භාවනා කරල තමයි පටන් ගන්නෙ.
මට මතකයි ඉස්සෙල්ලාම කළේ රාග බෝලය ගහන එක. ඒ විදිහට ක්‍රමයෙන් ඉගෙන ගත්තා. අවුරුදු 12 කාලයේ තමයි ගමේ හිටිය කඩු සටන් වලට දක්ෂ ජේමිස් රාළහාමි කියන ගුරුතුමා ගෙන් කඩු සටන් ඉගෙන ගත්තෙ.
මගේ සීයා සෙල්ලම් ශාස්ත්රය, මන්ත්‍ර ශාස්ත්රය, නිල ශාස්ත්රය, වෙදකම වගේම ඉර එළිය දිහා බලාගෙන හරියටම වෙලාව කියපු කෙනෙක්. පවුලේ අංගම් ශිල්පය දන්න තාත්තගේ අම්මගේ කට්ටිය 22 දෙනෙක් තවමත් ඉන්නවා.
ඒ එක්කම අපේ ගම් පළාතේ හිටපු ප්රධාන සටන් ශිල්පීන්ගෙන් 66 දෙනෙක් තවමත් ඉන්නවා. සමහරු අවුරුදු 100, 90 විතර ගිය අය.
මේ අංගම් පොර ප්රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදෙනවා. අංගම්, ඉලංගම්, මායා අංගම් සහ නිල ශාස්ත්රය ඒ අතරින් ප්‍රධානයි. ඉසිවරයෝ මේ ශාස්ත්රය හදල තියෙන්නේ රට, ජාතිය සහ ආගම යන තුන බේරා ගැනීම සඳහායි.
අංගම් කියන්නේ අතින් පයින් කරන හරඹ, ගැට පූට්ටු වගේ දේවලට. පොල්ල, කඩුව, කලා කිරිඤ්ඤ, කටාර් එක (අං කිරිච්චිය), කෙටේරිය, කිනිස්ස, වේලා යුධය වැනි ආයුධ වලින් කරන සෙල්ලම් වලට ඉලංගම් කියනවා.”
මෙයින් පොල්ලට සෙල්ලම් 64 ක්, පොලු 2 න් වැඩ 12 ක් ඇති අතර මෝල්ගස් දෙකේ සෙල්ලම්, රියෙනෙ පොලු දෙකේ සෙල්ලම්, වියතෙ පොලු කෑලි දෙකේ සෙල්ලම් විශාල ගණනක් තිබෙනවා.
කඩුවෙන් විතරක් සෙල්ලම් සිය ගණනක්. මේ සියල්ලටම ඔහු අති ශූරයෙක්. අත් දෙකට කඩු දෙක බැගින් ගෙන කරන කඩු 4 සෙල්ලම දුර්ලභ ගණයේ එකක්.
“මේ පොලු සෙල්ලම් හරිම වැදගත්. ඒවා ප්‍රගුණ කළ කෙනකුට හදිසියකදී රියනක් දිග දර කෑල්ලකින් වුණත් සටන් කරන්න පුළුවන්. තනි කලා කිරිඤ්ඤය, කලා කිරිඤ්ඤය 2, කෙටේරියයි, රියන් 1 1/2 පොල්ලයි, තනි කිනිස්ස, කිනිසි දෙක අතේ දුරින් ඉඳලා සටන් කරන්න පුළුවන් ආයුධ. ආයුධ අතරින් වේලා යුධය හරිම වැදගත් විශාල පිරිසක් සමඟ සටන් කිරීමට. වේලා යුධය, තනිපටිය, පටිතුන, පටි හය, පටි 12 විදිහට කීපයක් තියෙනවා. මේ පටි බිම වදින්නේ නැතිව සෙල්ලම් කරන්න ඕන.
මාදිවෙල කල්ලිස්, අග්ගොන සිල්වා බැද්දගානෙ සුගතං වෙදමහතා මගේ පෙර ගුරුවරු. මීට අවුරුදු 35 කට විතර ඉස්සර මීගමුවේ උත්සවයකට ගිහින් මේ අය පෙරහැර ඉවර වෙනතුරු වේලා යුධය සෙල්ලම් කළා. ඒ තරමට දක්ෂ අය ඉස්සර හිටියේ.”
විශාල ගෝලපරපුරකට හිමිකම් කියන මෙතුමා ගේ ගෝලයින් අතර වෛද්යයවරුන් නීතීඤයන් හා රජයේ උසස් නිලධාරීන්ද සිටී එමෙන්ම අනික් අංගම්කලාවේ ගුරුකුලයන්ට අයත් සිසුන්ද මෙතුමාගෙන් පිරිසිදු අංගම්කලාව හැදෑරීම සුවිශේෂි කරුණකි
මෙතුමාගේ ගෝලයින් අතර අවුරුදු විසිපහ තිහ කරුණාපාල ගුරුතුමා යටතේ අංගම් ශාස්ත්රය හදාරණ ගෝලයින් වීමම මොහුගේ ශාස්ත්‍ර ඤාණය පිලිබඳ කැඩපතක් බඳුය.
අබා අධ්‍යකෂක ජැක්සන් ඇන්තනී මහතා කරුණාපාල ගුරුතුමා ගැන සිඵමිණ පත්‍රයට පලකල අදහස්
අබා චිත‍්‍රපටයේ දිග හැරෙන මේ ඉතිහාස කතා පුවතත්, එහි එන සටන් ක‍්‍රමය මෙන්ම සටන් අධ්‍යක්‍ෂණය කළ ජී. කරුණාපාල ගුරුන්නාන්සේ පිළිබඳව වඩාත් විස්තර දැනගන්නට මෙහි නිර්මාතෘවරයා වන, ජැක්සන් ඇන්තනී සමඟත් කතා කළ යුතුයි.
“අබා චිත‍්‍රපටය වීර කාව්‍යයක්. එහි සටන් ජවනිකා බොහෝ ප‍්‍රමාණයක් තිබෙනවා. මට ප‍්‍රබලම අභියෝගයක් වුණා මෙය නිර්මාණය කිරීමේදී. ඒකට හේතුව තමයි මේ කාල වකවානුව කි‍්‍ර.පූ. 5 වැනි සියවස තරම් ඈත වීම.
අපට අපේ ඉතිහාසය ගැන දැනගන්න තිබෙන්නේ ප‍්‍රධාන ලෙසම මහා වංශය මූලාශ‍්‍ර කොටගත් තොරතුරු සහ ජනප‍්‍රවාද පමණයි. ඒ තොරතුරුවලට අනුව තිබෙන්නේ සටන් කළා කියල පමණයි.
ඉතින් මට ඇත්තටම මෙය අභියෝගයක් වුණා. මේ නිසා මම මුලින්ම පර්යේෂණයක් කළා එදා මිනිසුන් හැසිරුණේ කොහොමද, ඇන්දේ මොනවද, ගෙවල් දොරවල් කොහොමද, භාෂාව මොකක්ද, සටන් ක‍්‍රම ආයුධ මේ හැම දෙයක් ගැනම අමුතුවෙන් ම සිතුවා. යුගයෙන් යුගය ආපස්සට ගිහින් විවිධ තොරතුරු රැස් කළා.
මහනුවර යුගයට එනකොට තිබුණු සටන් ක‍්‍රම ගැන ගඩලාදෙනිය, ඇම්බැක්ක දේවාලයේ වගේ තැන්වල චිත‍්‍රවල කැටයම් වල මේ සටන් ක‍්‍රම ගැන පැහැදිලි චිත‍්‍ර තිබෙනවා.
ඉතින් මේ විදිහට තොරතුරු සොයන විට කෝට්ටේ යුගය තෙක් ඉතාමත් විශිෂ්ට ලෙස ව්‍යාප්ත වුණු අංගම් නමින් තිබෙන සටන් ශිල්පය හමුවුණා. ඒ කි‍්‍ර.ව. 1400 විතර යුගය. මෙය අපේ සාම්ප‍්‍රදායික සටන් ශිල්පය ලෙස හඳුනා ගන්නවා.
නමුත් මේ කතාවට පාදක වන්නේ කි‍්‍ර.පූ. 400 ගණන් නිසා මේ සාම්ප‍්‍රදායික සටනේ අන්තිම කොන මොකක්ද කියන අභියෝගය මතුවුණා. මම පළමුවෙන්ම කළේ සැබෑ සටන් කලාව දන්නා, දක්‍ෂතා තිබෙන සටන් ශිල්පියෙක් හොයන එක.
අපට මේ පිළිබඳව දක්ෂතා තිබෙන ශිල්පීන් බොහෝ පිරිසක් හමුවෙනවා. මේ පිරිස 78 දෙනෙක්. මේ අය අතරින් ප‍්‍රවීණතම සහ පසුබිමක් තිබෙන කරුණාපාල ගුරුවරයා හමුවුණා.
ඔහු සහ ඔහුගේ ගෝල බාලයන් ගේ සංදර්ශනයක් බලලා තමයි මම තීරණයකට ආවෙ ඔහුට මේ කාර්යය බාර දෙනව කියලා.
කරුණාපාල මාස්ටර්ගේ සහ සෙසු බොහෝ ශිල්පීන් අතර මම දැක්ක වෙනස ගැනත් කියන්න ඕන. කුංෆු සහ වූෂූ සටන් ශෛලීන් තරමක් අංගම් වලට ළඟයි. අනික් බොහෝ ශිල්පීන් කරාටේ කුංෆු, වූෂු වගේ මාෂල් ආට්ස් කරල තමයි අංගම් ඉගෙන ගෙන තියෙන්නේ. ඒ නිසා ඔවුන් තුළ එම සටන් ශෛලීන් සමඟ මිශ‍්‍රවීමක් තිබෙනවා.
නමුත් මාස්ටර්ගේ කිසිම එවැනි මිශ‍්‍රණයක් නෑ. ශුද්ධ අංගම් හැඩ හුරුකම්, අතපය දිග හැරෙන විදිහේ සාම්ප‍්‍රදායික බවක් ඔහු ළඟ තිබෙනවා. වැඩි දෙනෙකු තුළ ඒ හැඩහුරුකම් නෑ.
මේ අනුව නළු නිළියන්ට අවශ්‍ය පුහුණුව ලබාදීල අපි චිත‍්‍රපටයේ එන සටන් ජවනිකා රූප තලයේ දී අවශ්‍ය කරන සටනේ හැඩතල නිර්මාණය කළා. මේ විදිහට චිත‍්‍රපටයේ සටන් අධ්‍යක්‍ෂකමට අවශ්‍ය ලෙස මාස්ටර් ඒ පැත්තට යොමු කළා.
ලංකාවේ මෙතෙක් අංගම් සටන් ආශි‍්‍රතව චිත‍්‍රපටයක් නිර්මාණය වෙලා නෑ. මෙහි ප‍්‍රාග් ඓතිහාසික බව සමඟ ගෝති‍්‍රක හැඩහුරුකම් එක්ක සතුන්ගේ හැඩ හුරුකම් එක්ක මේ සටන් ගොඩ නැගුවා. එහිදී සත්ත්ව ඉරියව් සමඟ මිශ‍්‍රවුණු ප